Shop More, Save More! Get FREE SHIPPING on all orders over Rs. 10,000. No Code Needed! Just add items to your cart and enjoy the savings.
CeraVe Acne Treatment Face Wash | Salicylic Acid Cleanser with Purifying Clay, Niacinamide, and Ceramides
Cerave Acne Control Cleanser කියල කියන්නේ Acne , Pimple ,Black heads , White heads වැනි තෙල් සහිත සම ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් මඟ හරවා ගැනීම සඳහාම චර්ම රෝගය විශේෂඥයින් විසින් නිෂ්පාදිතය පිරිසිදු කාරකයක්.
සමෙහි ඇතිවන කුරුලෑ ආකාර බොහොමයක් පවතින අතරින් ඒවා සඳහා හේතුවන හේතුකාරකදී එකිනෙකට වෙනස් වේ. ප්‍රධාන වශයෙන්ම සමයේ ඇතිවන අධික තෙල් සහිත බව සහ මැරුණු සම නිසා සමේ සිදුරු අවහිරවීමෙන් whiteheads , blackheads ඇති වීම සිදු වේ. ඒවා රෝග කාරක බැක්ටීරියා හා දිලීර වැනි ක්ශුද්‍ර ජීවීන් මගින් ආසාධනය වී Acne pimples දක්වා වර්ධනය වීමද සිදුවිය හැකිය. එමෙන්ම හෝමෝන අසමතුලිතතා , සමට නුසුදුසු නිෂ්පාදනය සහ සමට නොගැලපෙන skin care routine දැනුවත් භාවයකින් තොරව සිදුකිරීම , අධික තෙල්- සීනී- පිෂ්ටය සහිත ආහාරපාන භාවිතය, විෂ සහිත සහඋෂ්ණාධිකා ආහාරපාන භාවිතය ප්‍රධාන වශයෙන් කුරුළෑ ඇතිවීම සඳහා බලපානවා. එමෙන්ම සම හොඳින් පිරිසිදු නොකිරීම , හිසෙහි පවතින හිස් හොරි සහ සෞඛ්‍යාරක්ෂිත නොවන සෞඛ්‍ය පුරුදු, විවිධ රෝගාබාධ, ඇතැම් ඖෂධ භාවිතයන්ද කුරුළෑ ඇතිවීම සඳහා බලපානවා.
කුරුලෑ ඇතිවීමට මූලිකවන ඉහත ගැටලු හඳුනා ගනිමින් සහ ඒවා මගහරවා ගනිමින් බාහිරින් හොඳ සමට ගැලපෙන ලෙසින් skin care routine එකක් follow up කිරීමෙන් කුරුලා සහ තෙල් සහිත සමජයේ ආශ්‍රිත ගැටළු සාර්ථකව මග හරවා ගැනීමට හැකිවනවා. එහි පළමු පියවර ලෙසම ගැඹුරින් පිරිසිදු කර ගැනීම අත්‍යාවශ්‍ය වනවා. එහෙම නැත්නම් මොනතරම් හොඳ නිෂ්පාදන භාවිතා කළත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වී යනවා.
Cerave Acne Control Cleanser සම වියලීමකින් හෝ සංවේදී කිරීමකින් තොරව සමේ ස්වාභාවික තෙතමනය ආරක්ෂා කරමින් සමග ගැඹුරින් පිරිසිදු කරන පිරිසිදු කාරකයක් වනවා.
මෙහි අන්තර්ගත වන Salicylic acid 2% මගින් සමේ සිදුරු ගැඹුරින් පිරිසිදු කිරීමටත් මැරුණු සම ඉවත් කිරීමටත් සම මෘදුව පවත්වාැනීමටත් ඒ තුළින් තුළින් අනවශ්‍ය sebum නිෂ්පාදනය පාලනය කර whiteheads , blackheads , pimples , acne තත්ත්වයන් පාලනය කිරීමට උපකාරී වනවා.
Niacinamide සමේ තෙතමනය ආරක්ෂා කරමින් අනවශ්‍ය sebum නිෂ්පාදනය පාලනය කර acne , pimples , whiteheads , blackheads පාලනයට උපකාරී වනවා.
Silica සහ other powders මගින් සමේ ඇති අධික තෙල් අවශෝෂණය කරමින් ඒවා සමෙන් ඉවත් කිරීමට උපකාරී වෙනවා.
Hectorite clay මගින් සමී නිපදවන අධික තෙල් අවශෝෂණය කරමින් සමේ විෂබීජ නාශනයටද උපකාරී වනවා.
Ceramides මගින් සම වියළීම වළකා තෙතමනය ආරක්ෂා කරන අතරින් සමේ ස්වාභාවික බාධකය පිරිසකර කරමින් ආසාධනයන් පාලනය කිරීම සහ ආසාදන සුව වීම වේගවත් කිරීමට උපකාරී වනවා.
(කෘතිම වර්ණක සුවඳකාරක අන්තර්ගත නොවන paraban free Dermatologist recommended නිෂ්පාදන බැවින් නිෂ්පාදනවල formula develop වන විට lots අඩුව සුවඳ සහ ස්වභාවයන් වෙනස් විය හැක)
Cleanser එකකින් පමණක්ම acne / pimples තත්ත්වයන් පාලනය කිරීම අපහසුවන අතර ඒ සඳහා after care products එනම් හොඳ skin care routine products සමග skin care routine එකක් follow up කිරීම අනිවාර්ය වනවා.
CeraVe Products Variations නිශ්පාදනයේ විචල්‍යතා
(A) Packaging – ඇසුරුම
Cerave නිශ්පාදන USA, Canada, France සහ UK ලෙස original නිශ්පාදන වෙලදපොලේ පවතින අතර නිශ්පාදිත/ ආනයනික රට අනුව නිශ්පාදන ඇසුරුම , ලේබලය සහ භාශාව වෙනස්වීම සිදුවේ.
එමෙන්ම නිශ්පාදකයාගෙ අවශ්‍යතාවය මතද නිශ්පාදන ඇසුරුම කලින් කලට වෙනස් වීමෙ හැකියාව පවතී. අපගේ නිශ්පාදනයන් කුමන රටකින් ආනයනය කරන්නේද යන්න හදුනා ගැනීමට නිශ්පාදිත රටෙහි ධජයක් (country flag) ලෙස නිරූපණය කර ඇති අතර එමගින් පහසුවෙන් ආනයනික / නිශ්පාදිත රට හදුනාගත හැකි අතර ඇනවුම් කිරීමට පෙර එය තහවුරු කර ගැනීමට සැලකිලිමත් වන්න.
(B) Texture – වයනය
නිශ්පාදනයේ වයනය ආනයනික /නිශ්පාදිත රට අනුවද වෙනස් වීමෙ හැකියාව ඇත. Canada, USA, France, Uk රටවල නිශ්පාදිත නිශ්පාදන වල සුත්‍රයන් (formula), අමුද්‍රව්‍ය (Ingredients) සහ තාක්ෂණයන් (technology) මව් සමාගමේ එකම සංයුතිය වුවත් ආනයනික රට අනුව නිශ්පාදනයේ සුවද ,පැහැය, ඝනත්වය වැනි සාධක යම් වශයෙන් වෙනස් විය හැක.
(C) Density – ඝනත්වය
නිෂ්පාදනයේ ඝනත්වය වෙනස් විය හැකි සාධක කිහිපයක්ම පවතින අතර ඒවා ලෙස නිෂ්පාදිත රට අනුවද නිෂ්පාදන ඝනත්වයේ යම් වෙනස්කම් පැවතිය හැකි අතර ස්ථායී කාරක (Stabilizer) අවමව භාවිතා කරමින් හමට හිතකර අයුරින් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිෂ්පාදිත නිෂ්පාදනයන් වන බැවින් උෂ්ණත්ව විපර්යාස (Temperature Fluctuations) නිසාද ඝනත්වය වෙනස් විය හැකි වේ. එනම් වැඩි උෂ්ණත්වයේදී ඝනත්වය අඩු විය හැකි අතර සාමාන්‍ය සහ අඩු උෂ්නත්වයේදී ඝනත්වය සාපේක්ෂව වැඩි වීම සිදු විය හැක. එමෙන්ම නිෂ්පාදන සූත්‍රයන් (Formulas) අමුද්‍රව්‍ය(Ingredients) සහ ඒවායේ ස්වාභාවයන් යාවත්කාලීන වන විටද ඝනත්වය වෙනස් විය හැක.
(D) Smell – සුවද
Cerave නිශ්පාදනයන් කෘතීම සුවද කාරකයන්ගෙන් තොර නිශ්පාදන (fragrance free) ලෙස සමට ඉතාමත් මෘදු non comedogenic dermatologist recommended ලෙස නිශ්පාදනය කර ඇත. එබැවින් සූත්‍ර (formula ), අමුද්‍රව්‍ය (Ingredients) සහ ඒවායෙ ස්වාභාවයන් යාවත්කාලීන වන විට නිශ්පාදනයේ සුවද යන සාධකය පැහැදිලිවම
LOT අනුව වෙනස් විය හැක්කේ, කෘතිම සුවදකාරක අමතරව එක් නොකරන නිශ්පාදනයක් වන බැවින් ඒ පිළිබදව සැළකිලිමත් වන්න.
Cerave Cleansers කෘතීම සුවද කාරක (Fragrance Free) වලින් තොර නිෂ්පාදන වන අතර ස්ථාවර සුවදක් (Unique Smell) අන්තර්ගත නොවේ. මෙයට හේතු වන්නේ අන්තර්ගත අමුද්‍රව්‍ය වල ස්වාභාවයන් Lots අනුව වෙනස් විය හැකි බැවින් ඊට අනුරූපව Ingredients Smell එකද වෙනස් විය හැකි වීමයි. උදාහරණයක් ලෙස, Hyaluronic Acid සහ Salicylic Acid අන්තර්ගත Cerave Cleansers වල Hyaluronic Acid සහ Salicylic Acid වල ස්වරූපයන් වෙනස් වන විට ඊට අනුරූප අමුද්‍රව්‍යයෙහි සුවදද වෙනස් වේ. ඊට අනුරූප Cleanser එකේ සුවද වෙනස් වන්නේ කෘතීම සුවද කාරක අන්තර්ගත නොවන නිසා බව නිෂ්පාදන මිලදී ගැනීමට පෙර සැලකිලිමත් වන්න. එමෙන්ම කෘතීම සුවදකාරක නොමැති නිෂ්පාදන වල ස්ථාවර (Unique) සුවදක් නොමැති බැවින් නිෂ්පාදන Original ද නැද්ද යන්න භාවිතා වෙන මිණුමක්ද නොවන බව නිෂ්පාදන මිලදී ගැනීමට පෙර සැලකිලිමත් වන්න. මක් නිසාද යත් පෙර නිෂ්පාදන සමග සංසන්ධනයෙන් Cerave cleansers පිලිබද විවිධ ගැටලු ඇති කර ගන්නා අතර එබැවින් වෙනස්කම් දීර්ඝව පැහැදිලි කර ඇත්තේ නැවත Return ලබා ගැනීමක් ඉහත කරුණු මත සිදු නොවන බව කරුණාවෙන් සලකන්න.
එබැවින් නිෂ්පාදනය පිලිබද පැහැදිලි කර ඇති සියලුම කරුණු Real Product images, Videos, Barcodes, Lots numbers සහ Purchasing Videos ඇතුලු සියලුම තොරතුරු නිෂ්පාදන මිලදී ගැනීමට පෙර තහවුරු කර ගැනීමෙන් පසු තෘප්තිමත් වන්නේ නම් පමණක් නිෂ්පාදන ඇනවුම් කරන මෙන් කාරුනිකව එල්ලා සිටිමි.
(වියළි සිසිල් ස්ථානයක හිරු එලියට නිරාවරණය නොවන ලෙස ගබඩා කළ යුතුය)
ඉහත හේතු සාධක අනුව නිෂ්පාදනයේ වෙනස්කම් පැවතිය හැකි අතර නිෂ්පාදන හදුනා ගැනීම සදහා නිෂ්පාදිත/ආනයනික රට, අලෙවි කරන නිෂ්පාදනයේ සැබෑ ඡායාරූප සහ Videos, Barcodes, ඇතුලුව Update කර ඇති අතර Cerave නිෂ්පාදන බෙදාහැරීමේ බලයලත් ආයතනයන්ගෙන් නිෂ්පාදන මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඇතුලත් Videos ද අප විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ සියලුම තොරතුරු මැනවින් අධ්‍යනයෙන් පසු ඔබ සෑහීමකට පත් වන්නේ නම් පමණක් නිෂ්පාදන ඇනවුම් කිරීම සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. සියලු තොරතුරු අධ්‍යනයෙන් නිෂ්පාදන පිළිබදව මනා දැනුමක් ලබා ගැනීමටත්, නිෂ්පාදන පිලිබද විශ්වාසය තහවුරු කර ගැනීමටත්, එමගින් ඇති විය හැකි අපහසුතා නිෂ්පාදන මිලදී ගැනීමට පෙරම මග හරවා ගැනීමටත් හැකි වනු ඇත.
මෙම සියලු කාරනා සම්බන්ධව තව දුරටත් තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් Cerave නිල වෙබ් අඩවිය හරහා ඔවුන් සම්බන්ධ කරගෙන විස්තර දැන ගත හැක.