Blog
CeraVe Gentle Foaming Facial Cleanser – 236ml
Cerave Foaming Facial Cleanser සමේ ගැඹුරට කාවැදුණු makeup කුණු දූවිලි සහ අතිරේක තෙල් ඉවත් කිරීමට ,සාමාන්‍ය හා තෙල් සහිත සම සඳහා චර්ම රෝග විශේෂඥයන් විසින් (Dermatologists) විශේෂයෙන් නිපදවූ නිපද වූ විද්‍යාත්මක පිරිසිදු කාරකයකි.
සමට හිතකර FDA සහ USDA අනුමත අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවා ඇත.
makeup භාවිතයෙන් පසු එය සම්පූර්ණයෙන් සමෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය වේ. නිසියාකාරව makeup ඉවත් නොකිරීමෙන් සමේ සිදුරු අවහිර වී Black heads, white heads ,Acne සහ Pimples වැනි තත්ත්ව සම මත වර්ධනය වීම සිදුවේ එමෙන්ම සම රැලි වැටීම වැනි වියපත් ලක්ෂණ ඇතිවීම ද ඇස් වටා ප්‍රදේශය අවපැහැ ගැන්වීම ද makeup භාවිතයෙන් හා නිසියාකාරව ඉවත් නොකිරීමෙන් සිදුවේ.
එමෙන්ම සමේ ගැඹුරට කා වැදුණු makeup සහ කුණු දූවිලි Microbial Organisms මගින් ආසාදනය වී විවිධ ආසාත්මිකතා ඇතිවීමේ හැකියාව පවතියි. එබැවින් makeup භාවිතයෙන් පසු ගැඹුරින් සම පිරිසුදු කිරීම අත්‍යාවශ්‍ය වේ.
Cerave Foaming Cleanser හි අඩංගු විද්‍යාත්මක සංයෝජනය සම ගැඹුරටම කාවැදී අවහිර වී ඇති සිදුරු makeup හා කුණු දූවිලි ඉවත් කරමින් පිරිසිදු කරයි .අතිරික්ත තෙල් ඉවත් කර black heads , white heads ඇති වීම වළක්වයි.
සම ගැඹුරින් පිරිසුදු කර අනවශ්‍ය තෙල් ඉවත් කළ ද MVE Technology සමග සමේ තෙතමනය ප්‍රශස්තව පවත්වාගනිමින් සමේ ස්වභාවික බාධකය නැවත ගොඩ නගමින් සම ආරක්ෂා කරයි. වියළි බවක් හෝ අපහසුතාවක් ඇති නොකර සම පිරිසුදු කරයි ,වියපත් ලක්ෂණ ඇතිවීම වළක්වා සම නැවුම්ව හා සෞම්‍යව තබයි.Fragrance feee gentle forming cleanser ආකාරයක් ලෙස වැඩිදියුණු කරන ලද Dermatologists Recommended වෛද්‍ය විද්‍යාත්මක නිෂ්පාදනයකි.
Active Ingredients
– Hyaluronic acid
– Niacinamide
– Ceramide 1,3 & 6 – II
Hyaluronic acid
ගැඹුරින් සම පිරිසිදු කිරීමෙන් පසු ඉවත් වන තෙතමනය නැවත සැපයීමට Hydrolized Hyaluronic Acid අන්තර්ගත කොට ඇත. එමගින් සෛල වර්ධනය හා ප්‍රතිජනනය වේගවත් කර සම ප්‍රකෘතිමත් කරයි .makeup භාවිතයෙන් ඇතිවන ඇස් වටා ප්‍රදේශයේ අවපැහැ ගැන්වීම් සම රැලි වැටීම හා වියපත් ලක්ෂණ ඇතිවීම වළකා සම නැවුම්ව තැබීමට උපකාරී වේ සමෙහි කඩතොලු ඉවත් කර සමේ නිරෝගි බව හා ස්වභාවික දීප්තිමත් බව වැඩිදියුණු කිරීමට උපකාරී වේ.
Niacinamide
Niacinamide අනවශ්‍ය ලෙස sebum ග්‍රන්ථි මගින් sebum නිෂ්පාදනය වළක්වන අතර black heads, white heads , ඇතිවීම Pimples , Acne තත්ව ඇතිවීම ඇති වීම පාලනය කර සම යථාවත් කිරීමට දායක වේ .මෙහි anti – inflammation ක්‍රියාකාරීත්වය makeup භාවිතය දී ඇතිවිය හැකි සම රතු පැහැ වීම ,කැසීම, දැවිල්ල වැනි ආසාත්මිකතා සමනය කිරීමට උපකාරී වේ
Ceramide
මෙහි අඩංගු Ceramide 1 , 3 සහ 6 – II යන අත්‍යවශ්‍ය මේද අම්ල සමෙහි ලිපිඩ බාධකය නැවත ගොඩනැගීමට දායක වේ . ගැඹුරු පිරිසිදු කිරීමෙන් පසු විවර වූ සමේ සිදුරු ආස්තරණය කරමින් සම වියළීම වළකියි .තෙතමනය ආරක්ෂා කරයි. සම ආසාදනය කරන Microbial Organisms සම තුළට ඇතුළුවීම වලකා ආසාදිත තත්ත්ව ඇතිවීම පාලනය කරයි. මෙම අත්‍යවශ්‍ය මේද අම්ල Multi Vescular Emulsion (MVE) Technology එනම් සමට පහසුවෙන් අවශෝෂණය වී සෙමෙන් සමට මුදාහරින ක්‍රියාකාරීත්වය සමඟ වැඩි දියුණු කර ඇති නිසා පැය 24 පුරාම සමේ තෙතමනය පවත්වා ගනිමින් සම වියපත් වීම වළක්වා දීප්තිමත් බව වැඩිදියුණු කරයි.
2005 වසරේ සිට දශකයකට වැඩි කාල සීමාවක් Acne , eczema , psorisis , Dry skin සඳහා සම සම්බන්ධ විශේෂඥයන් (Dermatologists) විසින් නිපදවූ වෛද්‍ය විද්‍යාත්මක ආලේපන වෙළඳපලට නිකුත් කරන Cerave ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ ලොව සුපතල ආයතනයකි .මෙහි නිපදවනු ලබන සියලුම නිෂ්පාදන Dermatologists Recommended නිෂ්පාදන වන අතර ඒ සඳහා භාවිතා කරන සියළුම අමුද්‍රව්‍ය FDA සහ USDA සම්මත අමුද්‍රව්‍ය වේ.
දරුවන්ගේ සිට ජේෂ්ඨ පුරවැසියන් දක්වා සියල්ලන්ටම නිෂ්පාදන පහසුවෙන් තෝරාගත හැකි අයුරින් සම හා ගැටළු අනුව Dermatologists මගින් නිෂ්පාදිතයි.
CeraVe Products Variations නිශ්පාදනයේ විචල්‍යතා
(A) Packaging – ඇසුරුම
Cerave නිශ්පාදන USA, Canada, France සහ UK ලෙස original නිශ්පාදන වෙලදපොලේ පවතින අතර නිශ්පාදිත/ ආනයනික රට අනුව නිශ්පාදන ඇසුරුම , ලේබලය සහ භාශාව වෙනස්වීම සිදුවේ.
එමෙන්ම නිශ්පාදකයාගෙ අවශ්‍යතාවය මතද නිශ්පාදන ඇසුරුම කලින් කලට වෙනස් වීමෙ හැකියාව පවතී. අපගේ නිශ්පාදනයන් කුමන රටකින් ආනයනය කරන්නේද යන්න හදුනා ගැනීමට නිශ්පාදිත රටෙහි ධජයක් (country flag) ලෙස නිරූපණය කර ඇති අතර එමගින් පහසුවෙන් ආනයනික / නිශ්පාදිත රට හදුනාගත හැකි අතර ඇනවුම් කිරීමට පෙර එය තහවුරු කර ගැනීමට සැලකිලිමත් වන්න.
(B) Texture – වයනය
නිශ්පාදනයේ වයනය ආනයනික /නිශ්පාදිත රට අනුවද වෙනස් වීමෙ හැකියාව ඇත. Canada, USA, France, Uk රටවල නිශ්පාදිත නිශ්පාදන වල සුත්‍රයන් (formula), අමුද්‍රව්‍ය (Ingredients) සහ තාක්ෂණයන් (technology) මව් සමාගමේ එකම සංයුතිය වුවත් ආනයනික රට අනුව නිශ්පාදනයේ සුවද ,පැහැය, ඝනත්වය වැනි සාධක යම් වශයෙන් වෙනස් විය හැක.
(C) Density – ඝනත්වය
නිෂ්පාදනයේ ඝනත්වය වෙනස් විය හැකි සාධක කිහිපයක්ම පවතින අතර ඒවා ලෙස නිෂ්පාදිත රට අනුවද නිෂ්පාදන ඝනත්වයේ යම් වෙනස්කම් පැවතිය හැකි අතර ස්ථායී කාරක (Stabilizer) අවමව භාවිතා කරමින් හමට හිතකර අයුරින් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිෂ්පාදිත නිෂ්පාදනයන් වන බැවින් උෂ්ණත්ව විපර්යාස (Temperature Fluctuations) නිසාද ඝනත්වය වෙනස් විය හැකි වේ. එනම් වැඩි උෂ්ණත්වයේදී ඝනත්වය අඩු විය හැකි අතර සාමාන්‍ය සහ අඩු උෂ්නත්වයේදී ඝනත්වය සාපේක්ෂව වැඩි වීම සිදු විය හැක.
උදාහරණ:- Hyaluronic Acid අමුද්‍රව්‍ය Thickening agent (ඝණකාරකයක්) ලෙසත් නිෂ්පාදනයේ ක්‍රියාකරන අතර ඌෂ්ණත්ව වෙනස්වීම් වලදි (Temperature Fluctuation) ඝණත්ව/Thickness විපර්යාසයන්ට ලක්වේ. අඩු ඌෂ්නත්වයේදී අමුද්‍රවහට අදාල සමානව ඝණත්වයන් වැඩි ඌෂ්නත්වයේදි ඝණත්වය අඩුවීමක් දැකිය හැකිවේ.
එමෙන්ම නිෂ්පාදන සූත්‍රයන් (Formulas) අමුද්‍රව්‍ය(Ingredients) සහ ඒවායේ ස්වාභාවයන් යාවත්කාලීන වන විටද ඝනත්වය වෙනස් විය හැක.
(D) Smell – සුවද
Cerave නිශ්පාදනයන් කෘතීම සුවද කාරකයන්ගෙන් තොර නිශ්පාදන (fragrance free) ලෙස සමට ඉතාමත් මෘදු non comedogenic dermatologist recommended ලෙස නිශ්පාදනය කර ඇත. එබැවින් සූත්‍ර (formula ), අමුද්‍රව්‍ය (Ingredients) සහ ඒවායෙ ස්වාභාවයන් යාවත්කාලීන වන විට නිශ්පාදනයේ සුවද යන සාධකය පැහැදිලිවම
LOT අනුව වෙනස් විය හැක්කේ, කෘතිම සුවදකාරක අමතරව එක් නොකරන නිශ්පාදනයක් වන බැවින් ඒ පිළිබදව සැළකිලිමත් වන්න.
Cerave Cleansers කෘතීම සුවද කාරක (Fragrance Free) වලින් තොර නිෂ්පාදන වන අතර ස්ථාවර සුවදක් (Unique Smell) අන්තර්ගත නොවේ. මෙයට හේතු වන්නේ අන්තර්ගත අමුද්‍රව්‍ය වල ස්වාභාවයන් Lots අනුව වෙනස් විය හැකි බැවින් ඊට අනුරූපව Ingredients Smell එකද වෙනස් විය හැකි වීමයි. උදාහරණයක් ලෙස, Hyaluronic Acid සහ Salicylic Acid අන්තර්ගත Cerave Cleansers වල Hyaluronic Acid සහ Salicylic Acid වල ස්වරූපයන් වෙනස් වන විට ඊට අනුරූප අමුද්‍රව්‍යයෙහි සුවදද වෙනස් වේ. ඊට අනුරූප Cleanser එකේ සුවද වෙනස් වන්නේ කෘතීම සුවද කාරක අන්තර්ගත නොවන නිසා බව නිෂ්පාදන මිලදී ගැනීමට පෙර සැලකිලිමත් වන්න. එමෙන්ම කෘතීම සුවදකාරක නොමැති නිෂ්පාදන වල ස්ථාවර (Unique) සුවදක් නොමැති බැවින් නිෂ්පාදන Original ද නැද්ද යන්න භාවිතා වෙන මිණුමක්ද නොවන බව නිෂ්පාදන මිලදී ගැනීමට පෙර සැලකිලිමත් වන්න. මක් නිසාද යත් පෙර නිෂ්පාදන සමග සංසන්ධනයෙන් Cerave cleansers පිලිබද විවිධ ගැටලු ඇති කර ගන්නා අතර එබැවින් වෙනස්කම් දීර්ඝව පැහැදිලි කර ඇත්තේ නැවත Return ලබා ගැනීමක් ඉහත කරුණු මත සිදු නොවන බව කරුණාවෙන් සලකන්න.
එබැවින් නිෂ්පාදනය පිලිබද පැහැදිලි කර ඇති සියලුම කරුණු Real Product images, Videos, Barcodes, Lots numbers සහ Purchasing Videos ඇතුලු සියලුම තොරතුරු නිෂ්පාදන මිලදී ගැනීමට පෙර තහවුරු කර ගැනීමෙන් පසු තෘප්තිමත් වන්නේ නම් පමණක් නිෂ්පාදන ඇනවුම් කරන මෙන් කාරුනිකව එල්ලා සිටිමි.
(වියළි සිසිල් ස්ථානයක හිරු එලියට නිරාවරණය නොවන ලෙස ගබඩා කළ යුතුය)
ඉහත හේතු සාධක අනුව නිෂ්පාදනයේ වෙනස්කම් පැවතිය හැකි අතර නිෂ්පාදන හදුනා ගැනීම සදහා නිෂ්පාදිත/ආනයනික රට, අලෙවි කරන නිෂ්පාදනයේ සැබෑ ඡායාරූප සහ Videos, Barcodes, ඇතුලුව Update කර ඇති අතර Cerave නිෂ්පාදන බෙදාහැරීමේ බලයලත් ආයතනයන්ගෙන් නිෂ්පාදන මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඇතුලත් Videos ද අප විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ සියලුම තොරතුරු මැනවින් අධ්‍යනයෙන් පසු ඔබ සෑහීමකට පත් වන්නේ නම් පමණක් නිෂ්පාදන ඇනවුම් කිරීම සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. සියලු තොරතුරු අධ්‍යනයෙන් නිෂ්පාදන පිළිබදව මනා දැනුමක් ලබා ගැනීමටත්, නිෂ්පාදන පිලිබද විශ්වාසය තහවුරු කර ගැනීමටත්, එමගින් ඇති විය හැකි අපහසුතා නිෂ්පාදන මිලදී ගැනීමට පෙරම මග හරවා ගැනීමටත් හැකි වනු ඇත.
මෙම සියලු කාරනා සම්බන්ධව තව දුරටත් තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් Cerave නිල වෙබ් අඩවිය හරහා ඔවුන් සම්බන්ධ කරගෙන විස්තර දැන ගත හැක.