Uncategorized

CeraVe PM Facial Moisturizing Lotion for Women & Men

Cerave PM Facial Moisturizing Cream රාත්‍රී කාලයේදී සම පෝෂණය කරමින් සමෙහි ඇති ගැටළු නිරාකරණයට සම සම්බන්ද චර්ම රෝග විශේෂඥයින් විසින් විද්‍යාත්මකව සංයෝග කරන ලද සමට ඉතා සෞම්‍ය Ultra light weight moisturizer ආලේපනයකි.

Dry / Normal / Oil /Sensitive / Combination / Acne වැනි ඕනෑම සමකට සුදුසු ආකාරයෙන් FDA සහ USDA සම්මත සමට හිතකර අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවා ඇති මෙම ආලේපනය සායනිකව තහවුරු කරන ලද (Clinically Tested ) වෛද්‍ය විද්‍යාත්මක ආලේපනයකි.

සෛල වර්ධනය හා ප්‍රතිජනනය වැනි සමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලින් රාත්‍රී නින්දේදි ප්‍රශස්තව සිදුවේ. එබැවින් රාත්‍රී නින්දට පෙර සමට හිතකර පිරිසිදු කාරකයක් (Cleanser) භාවිතයෙන් Makeup , කුණු දුහුවිලි ,අතිරික්ත තෙල් ගැඹුරෙන් පිරිසුදු කර ඉවත්කර Moisturizer ආලේපනය අත්‍යවශ්‍ය වේ.

Cerave PM moisturizing Cream සමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය පෝෂණය සහ තෙතමනය සැපයීම සිදුකරයි .සමෙහි ඇති වී ඇති කුරුලැ, ලප කැලල්, ආසාදන හා සියුම් රැලි වැටීම් ,ඉරිතැලීම් ඉවත් කර නිරෝගී බව ඇති කරමින් ස්වභාවික දීප්තිමත් බව ඔප් නැංවීම සිදු කරයි.

ගැල්වීමෙන් පසු අපහසුතාවයක් ඇති නොවන ඉතා පහසුවෙන් සමට අවශෝෂණය වන සම මත ,ඝනව නොරැඳන නොඇලෙන සුළු සෞම්‍ය සංයෝගයකි.

Hyaluronic acid

මෙහි අන්තර්ගත Hydrolized Hyaluronic acid සමට පහසුවෙන් අවශෝෂණය වී සමේ සෛල ස්ථර අතර රැඳෙමින් තෙතමනය හා පෝෂණය සපයයි. සෛල වර්ධනය හා ප්‍රතිජනනය උත්තේජනය කර සමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වේගවත් කරයි. ප්‍රශස්ථ තෙතමනයක් පවත්වා ගැනීම තුළින් වියළිම, රැළි වැටීම, ඉරිතැලීම වැනි සමේ ඇති වන වියපත් ලක්ෂණ වළක්වා සමේ තරුණ පෙනුම ඔප් නංවයි. සමේ සියුම් තුවාල සහ කඩතොලු සුවපත් කර ප්‍රකෘතිමත් කරයි ,සමේ විඩාබර බව සමනය කර සම නැවුම්ව තබයි ,අවපැහැ ගැන්වීම් ඉවත්කර ස්වභාවික දීප්තිමත්බව ඔප් නංවයි.

Niacinamide

සමේ sebum ග්‍රන්ථි මගින් අනවශ්‍ය ලෙස තෙල් නිපදවීම පාලනය කර කුරුලෑ black heads , white heads ඇතිවීම පාලනය කරයි ,සමෙහි ඇති වී ඇති Pigmentations , age spots , sunspots , dark circles සහ අවපැහැ ගැන්වීම් ඉතා කෙටි කාලයක් තුළ ඉවත් කර ඒකාකාරී පැහැපත් බවක් ඇති කරයි. anti- Inflammation ක්‍රියාකාරීත්වය සමේ රත් පැහැවීම් ,දැවිල්ල ,කැසීම ඉදිමීම වැනි ප්‍රදාහ තත්ත්ව සමනය කර සම රාත්‍රී කාලයේදී සෞම්‍යව සහ සුවපහසුව තැබීමට උපකාරී වේ.

Ceramide

Ceramide 1 , 3 සහ 6 – II යන අත්‍යවශ්‍ය මේද අම්ල ආකාර සමේ ස්භාවික බාධකයේ ද ඉහළ සාන්ද්‍රණයකින් අඩංගු වේ .මෙහි අන්තර්ගත Ceramide, Multi Vescular Emulsion (MVE) Technology සමග වැඩි දියුණු කර ඇත. එනම් ඉතා ඉක්මනින් සමට අවශෝෂණය වී සෙමෙන් සමට මුදාහැරීම සිදුකිරීම මගින් දීර්ඝකාලයක් සක්‍රීයව ක්‍රියා කරයි . ආරක්ෂිත ආවරණයක් ලෙස සමේ ස්වභාවික ලිපිඩ බාධකය නැවත ගොඩ නගමින් සමේ තෙතමනය ඉවත් වීමට නොදී ආරක්ෂා කරයි.Microbial Organisms සම තුළට ඇතුලුවීම අවහිර කරයි ,වියපත් ලක්ෂණ ඇතිවීම වළක්වා සම මෘදුව හා නිරෝගීව පවත්වා ගැනීමට උපකාරීවේ. පැය 24 පුරාම සක්‍රීයව සම මත රැඳෙමින් ක්‍රියාත්මක වේ.

2005 වසරේ සිට දශකයකට වැඩි කාල සීමාවක් Acne , eczema , psorisis , dry skin සහ anti aging සඳහා සම සම්බන්ධ විශේෂඥයන් (Dermatologists) විසින් නිපදවූ වෛද්‍ය විද්‍යාත්මක ආලේපන වෙළඳපලට නිකුත් කරන Cerave ආයතනයේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොව සුපතළ ආයතනයකි. මෙහි නිපදවනු ලබන සියලුම නිෂ්පාදන Dermatologists Recommended නිෂ්පාදන වන අතර ඒ සඳහා භාවිතා කරන සියළුම අමුද්‍රව්‍ය FDA සහ USDA සම්මත අමුද්‍රව්‍ය වේ.

CeraVe Products Variations නිශ්පාදනයේ විචල්‍යතා

(A) Packaging – ඇසුරුම

Cerave නිශ්පාදන USA, Canada, France සහ UK ලෙස original නිශ්පාදන වෙලදපොලේ පවතින අතර නිශ්පාදිත/ ආනයනික රට අනුව නිශ්පාදන ඇසුරුම , ලේබලය සහ භාශාව වෙනස්වීම සිදුවේ.
එමෙන්ම නිශ්පාදකයාගෙ අවශ්‍යතාවය මතද නිශ්පාදන ඇසුරුම කලින් කලට වෙනස් වීමෙ හැකියාව පවතී. අපගේ නිශ්පාදනයන් කුමන රටකින් ආනයනය කරන්නේද යන්න හදුනා ගැනීමට නිශ්පාදිත රටෙහි ධජයක් (country flag) ලෙස නිරූපණය කර ඇති අතර එමගින් පහසුවෙන් ආනයනික / නිශ්පාදිත රට හදුනාගත හැකි අතර ඇනවුම් කිරීමට පෙර එය තහවුරු කර ගැනීමට සැලකිලිමත් වන්න.

(B) Texture – වයනය

නිශ්පාදනයේ වයනය ආනයනික /නිශ්පාදිත රට අනුවද වෙනස් වීමෙ හැකියාව ඇත. Canada, USA, France, Uk රටවල නිශ්පාදිත නිශ්පාදන වල සුත්‍රයන් (formula), අමුද්‍රව්‍ය (Ingredients) සහ තාක්ෂණයන් (technology) මව් සමාගමේ එකම සංයුතිය වුවත් ආනයනික රට අනුව නිශ්පාදනයේ සුවද ,පැහැය, ඝනත්වය වැනි සාධක යම් වශයෙන් වෙනස් විය හැක.

(C) Density – ඝනත්වය

නිෂ්පාදනයේ ඝනත්වය වෙනස් විය හැකි සාධක කිහිපයක්ම පවතින අතර ඒවා ලෙස නිෂ්පාදිත රට අනුවද නිෂ්පාදන ඝනත්වයේ යම් වෙනස්කම් පැවතිය හැකි අතර ස්ථායී කාරක (Stabilizer) අවමව භාවිතා කරමින් හමට හිතකර අයුරින් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිෂ්පාදිත නිෂ්පාදනයන් වන බැවින් උෂ්ණත්ව විපර්යාස (Temperature Fluctuations) නිසාද ඝනත්වය වෙනස් විය හැකි වේ. එනම් වැඩි උෂ්ණත්වයේදී ඝනත්වය අඩු විය හැකි අතර සාමාන්‍ය සහ අඩු උෂ්නත්වයේදී ඝනත්වය සාපේක්ෂව වැඩි වීම සිදු විය හැක.

උදාහරණ:- Hyaluronic Acid අමුද්‍රව්‍ය Thickening agent (ඝණකාරකයක්) ලෙසත් නිෂ්පාදනයේ ක්‍රියාකරන අතර ඌෂ්ණත්ව වෙනස්වීම් වලදි (Temperature Fluctuation) ඝණත්ව/Thickness විපර්යාසයන්ට ලක්වේ. අඩු ඌෂ්නත්වයේදී අමුද්‍රවහට අදාල සමානව ඝණත්වයන් වැඩි ඌෂ්නත්වයේදි ඝණත්වය අඩුවීමක් දැකිය හැකිවේ.

එමෙන්ම නිෂ්පාදන සූත්‍රයන් (Formulas) අමුද්‍රව්‍ය(Ingredients) සහ ඒවායේ ස්වාභාවයන් යාවත්කාලීන වන විටද ඝනත්වය වෙනස් විය හැක.

(D) Smell – සුවද

Cerave නිශ්පාදනයන් කෘතීම සුවද කාරකයන්ගෙන් තොර නිශ්පාදන (fragrance free) ලෙස සමට ඉතාමත් මෘදු non comedogenic dermatologist recommended ලෙස නිශ්පාදනය කර ඇත. එබැවින් සූත්‍ර (formula ), අමුද්‍රව්‍ය (Ingredients) සහ ඒවායෙ ස්වාභාවයන් යාවත්කාලීන වන විට නිශ්පාදනයේ සුවද යන සාධකය පැහැදිලිවම
LOT අනුව වෙනස් විය හැක්කේ, කෘතිම සුවදකාරක අමතරව එක් නොකරන නිශ්පාදනයක් වන බැවින් ඒ පිළිබදව සැළකිලිමත් වන්න.

Cerave Cleansers කෘතීම සුවද කාරක (Fragrance Free) වලින් තොර නිෂ්පාදන වන අතර ස්ථාවර සුවදක් (Unique Smell) අන්තර්ගත නොවේ. මෙයට හේතු වන්නේ අන්තර්ගත අමුද්‍රව්‍ය වල ස්වාභාවයන් Lots අනුව වෙනස් විය හැකි බැවින් ඊට අනුරූපව Ingredients Smell එකද වෙනස් විය හැකි වීමයි. උදාහරණයක් ලෙස, Hyaluronic Acid සහ Salicylic Acid අන්තර්ගත Cerave Cleansers වල Hyaluronic Acid සහ Salicylic Acid වල  ස්වරූපයන් වෙනස් වන විට ඊට අනුරූප අමුද්‍රව්‍යයෙහි සුවදද වෙනස් වේ. ඊට අනුරූප Cleanser එකේ සුවද වෙනස් වන්නේ කෘතීම සුවද කාරක අන්තර්ගත නොවන නිසා බව නිෂ්පාදන මිලදී ගැනීමට පෙර සැලකිලිමත් වන්න. එමෙන්ම කෘතීම සුවදකාරක නොමැති නිෂ්පාදන වල ස්ථාවර (Unique) සුවදක් නොමැති බැවින් නිෂ්පාදන Original ද නැද්ද යන්න භාවිතා වෙන මිණුමක්ද නොවන බව නිෂ්පාදන මිලදී ගැනීමට පෙර සැලකිලිමත් වන්න. මක් නිසාද යත් පෙර නිෂ්පාදන සමග සංසන්ධනයෙන් Cerave cleansers පිලිබද විවිධ ගැටලු ඇති කර ගන්නා අතර එබැවින් වෙනස්කම් දීර්ඝව පැහැදිලි කර ඇත්තේ නැවත Return ලබා ගැනීමක් ඉහත කරුණු මත සිදු නොවන බව කරුණාවෙන් සලකන්න.

එබැවින් නිෂ්පාදනය පිලිබද පැහැදිලි කර ඇති සියලුම කරුණු Real Product images, Videos, Barcodes, Lots numbers සහ Purchasing Videos ඇතුලු සියලුම තොරතුරු නිෂ්පාදන මිලදී ගැනීමට පෙර තහවුරු කර ගැනීමෙන් පසු තෘප්තිමත් වන්නේ නම් පමණක් නිෂ්පාදන ඇනවුම් කරන මෙන් කාරුනිකව එල්ලා සිටිමි.

(වියළි සිසිල් ස්ථානයක හිරු එලියට නිරාවරණය නොවන ලෙස ගබඩා කළ යුතුය)

ඉහත හේතු සාධක අනුව නිෂ්පාදනයේ වෙනස්කම් පැවතිය හැකි අතර නිෂ්පාදන හදුනා ගැනීම සදහා නිෂ්පාදිත/ආනයනික රට, අලෙවි කරන නිෂ්පාදනයේ සැබෑ ඡායාරූප සහ Videos, Barcodes, ඇතුලුව Update කර ඇති අතර Cerave නිෂ්පාදන බෙදාහැරීමේ බලයලත් ආයතනයන්ගෙන් නිෂ්පාදන මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඇතුලත් Videos ද අප විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ සියලුම තොරතුරු මැනවින් අධ්‍යනයෙන් පසු ඔබ සෑහීමකට පත් වන්නේ නම් පමණක් නිෂ්පාදන ඇනවුම් කිරීම සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. සියලු තොරතුරු අධ්‍යනයෙන් නිෂ්පාදන පිළිබදව මනා දැනුමක් ලබා ගැනීමටත්, නිෂ්පාදන පිලිබද විශ්වාසය තහවුරු කර ගැනීමටත්, එමගින් ඇති විය හැකි අපහසුතා නිෂ්පාදන මිලදී ගැනීමට පෙරම මග හරවා ගැනීමටත් හැකි වනු ඇත.

මෙම සියලු කාරනා සම්බන්ධව තව දුරටත් තහවුරු කර ගැනීමට අවශ්‍ය නම් Cerave නිල වෙබ් අඩවිය හරහා ඔවුන් සම්බන්ධ කරගෙන විස්තර දැන ගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *