Description
CeraVe Anti Aging Retinol Serum | 1 Ounce | Cream Serum for Smoothing Fine Lines and Skin Brightening | Fragrance Free
# 1 Dermatologists Recommended Skin Care Brand.
Cerave Skin Renewing Retinol Serum සමෙහි ඇති වී ඇති Wrinkles , Fine lines ඉවත් කිරීම සඳහා චර්ම රෝග විශේෂඥයන් විසින් විද්‍යාත්මකව නිපදවන ලද ආලේපනයක් වේ .මෙම ආලේපනය ද්විත්ව ක්‍රියාකාරීත්වයකින් සමෙහි වියපත් ලක්ෂණ ඇතිවීම පාලනය කරනු ලබයි එනම් සමට අවශ්‍ය තෙතමනය හා පෝෂණය සැපයීම හා සම මත ආරක්ෂිත ආවරණයක් ගොඩ නගමින් සපයන ලද තෙතමනය හා සමෙහි ස්වභාවික තෙතමනය ඉවත් වීමට නොදී පැය 24 පුරා ක්‍රියාකාරී වෙමින් Wrinkles සහ fine lines වලට එරෙහිව සම ආරක්ෂා කිරීම සිදුකරයි.
එමෙන්ම මෙම නිෂ්පාදනය Multi Vescular Emulsion (MVE) තාක්ෂණය සමග වැඩි දියුණු කරන ලද නවීන ආලේපනයක් වේ .එනම් සමට තෙතමනය සැපයීම සඳහා අන්තර්ගත කොට ඇති සංඝටක ඉතා පහසුවෙන් සමට අවශෝෂණය වන අතර සෙමෙන් මුදා හරිමින් දිගු කාලයක් ආලේපනයේ අඩංගු සංඝටක වල ක්‍රියාකාරිත්වය හා කාර්යක්ෂමතාව පවත්වා ගැනීම සිදු කරයි .වියපත් ලක්ෂණ ඉවත් කිරීමට සහ ඇතිවී ඇති Wrinkles සහ fine lines ඉවත් කිරීමට සම මත ආස්තරණයක් ලෙස ගොඩනැගී සක්‍රීයව ක්‍රියා කරයි.
Active Ingredients
– Retinol
– Hyaluronic acid
– Ceramide 1 , 3 & 6 – II
Retinol
Retinol යනු විටමින් A හි කෘතිම ව්‍යුත්පන්නයක් වන අතර මේද ද්‍රාව්‍ය විටමින ආකාරයකි.
මෙම ආලේපනයේ අඩංගු Retinol මගින් සමෙහි වියපත් සෛල අළුත්වැඩියා කිරීම හා ප්‍රතිජනනය වේගවත් කිරීම සිදු කරයි , Collagen නිෂ්පාදනය වැඩි කිරීම මගින් සමෙහි වයස්ගත පෙනුම ඉවත්කරමින් සම මෘදු කිරීම හා සියුම් රැළි වැටීම් පවා ඉවත් කර සමෙහි තාරුණ්‍ය ඔප්නැංවීමද සිදුකරයි .වියපත් වීමත් සමඟ සමේ ඇතිවන Age spots , Hyper Pigmentation මෙන්ම Sun spots , Sun burns Discolourations වැනි අවපැහැ ගැන්වීම් ඉවත් කර ඒකාකාරී පැහැපත් බවක් ඇති කරයි
Anti – inflammation ක්‍රියාකාරීත්වය සමෙහි ඇති වී ඇති රත් පැහැ ගැන්වීම් , සම ගැලවීයාම, මලානික බව හා තුවාල කඩතොලු ඉවත්කර සම ප්‍රාණවත් කරයි. Exfoliate ක්‍රියාකාරීත්වය මැරුණු සම ඉවත්කර සමෙහි ස්වභාවික දීප්තිමත් බව වැඩිදියුණු කරයි.
Hyaluronic acid
මෙහි අඩංගු Hydrolized Hyaluronic acid සමට තෙතමනය හා පෝෂණය සැපයීමට විශේෂයෙන් අන්තර්ගත කොට ඇති අතර පහසුවෙන් සමට උරා ගන්නා ගැල්වීමෙන් පසු සමට අපහසුතාවක් ඇති නොකරන නොඇලෙන සුළු Gentle moisturizer ආකාරයක් වේ . මෙමගින් සෛල වර්ධනය හා ප්‍රතිජනනය උත්තේජනය කරනු ලබන අතර තුවාල සහ කඩතොලු කෙටිකාලීනව සුවපත් කරයි , වියළි බව , අවපැහැ ගැනීම් ඉවත්කර සම මෘදු කරයි ස්වභාවික දීප්තිමත් බව ඔප් නංවයි.
Ceramide
සමේ තෙතමනය ඉවත් වීමට නොදී වියළීමෙන් හා වියපත්වීමෙන් තොරව සම ආරක්ෂා කිරීමට විශේෂයෙන් අන්තර්ගත කොට ඇති සංඝටකයකි . මෙහි අන්තර්ගත Ceramide 1 ,3 සහ 6 – II යන අත්‍යවශ්‍ය මේද අම්ල සම මත ආරක්ෂිත ආවරණයක් ගොඩනගන අතර එය සමෙහි ස්වභාවික භෞතික බාධකයක් ලෙස ක්‍රියා කරමින් සමෙහි තෙතමනය ඉවත් වීමට නොදී ආරක්ෂා කරයි.Multi Vescular Emulsion තාක්ෂණය පැය 24 පුරාම Ceramide හි ක්‍රියාකාරීත්වය සක්‍රීයව පවත්වා ගනිමින් සම මෘදුව හා තෙත්ව තබා ගනියි.Wrinkles , Fine lines ඉවත් කර නැවත ඇතිවීම පාලනය කරනු ලබයි.
2005 වසරේ සිට දශකයකට වැඩි කාල සීමාවක් Acne , Eczema , Psorisis , Dry skin හා Anti aging සඳහා සම සම්බන්ධ විශේෂඥයන් ( Dermatologists ) විසින් නිපදවූ වෛද්‍ය විද්‍යාත්මක ආලේපන වෙළඳපලට නිකුත් කරන Cerave ආයතනය ඇමරිකා එක්සත් ජනපදයේ ලොව සුපතල ආයතනයකි. මෙහි නිපදවනු ලබන සියලුම නිෂ්පාදන Dermatologists Recommended නිෂ්පාදන වන අතර ඒ සඳහා භාවිතා කරන සියළුම අමුද්‍රව්‍ය FDA සහ USDA සම්මත අමුද්‍රව්‍ය වේ.
ළදරුවන්ගේ සිට ජේෂ්ඨ පුරවැසියන් දක්වා සියල්ලන්ටම නිෂ්පාදන පහසුවෙන් තෝරාගත හැකි අයුරින් සම හා ගැටළු අනුව Dermatologists මගින් නිෂ්පාදිතයි.
– All Rights Received –
-
[ RETINOL SERUM FOR FACE ] Contains one 1 ounce tube of CeraVe Skin Renewing Retinol Serum
-
[ ESSENTIAL CERAMIDES ] Formulated with three essential ceramides (1, 3, 6 II) help to restore the protective skin barrier
-
[ PATENTED TECHNOLOGY ] Utilizes patented MVE controlled release technology to help replenish ceramides and deliver long lasting
-
[ REVEAL BRIGHTER SKIN ] Ideal for all skin types
-
[ MULTIPLE USES ] Use alone or under makeup once or twice a day
Reviews
There are no reviews yet.